1. සේවාවක් ඇණවුම් කරන්නේ කෙසේද?

ඔබට අවශ්‍ය සේවාව තෝරා, ඇණවුම ලබාදී, ගෙවීම සම්පූර්ණ කළ පසු අදාල තොරතුරු පෝරමය පුරවා යොමු කරන්න. එවිට අපි ඔබගේ ඉල්ලීම සැකසීම ආරම්භ කරමු.


2. වාර්තාව ලැබීමට කොපමණ කාලයක් ගතවේද?

ගෙවීම සහ අවශ්‍ය සියලු තොරතුරු ලැබුණු පසු, සාමාන්‍යයෙන් ව්‍යාපාරික දින 5ක් ඇතුළත ඔබගේ වාර්තාව PDF ආකාරයෙන් Email මඟින් යොමු කරනු ලැබේ.


3. වාර්තාව ලැබෙන්නේ කෙසේද?

සියලුම වාර්තා ඔබ ලබාදුන් Email ලිපිනය වෙත PDF ගොනුවක් ලෙස යොමු කරනු ලැබේ.


4. ගෙවීමෙන් පසු තොරතුරු පෝරමය පිරවීමට අමතක වුවහොත් කුමක් කළ යුතුද?

කිසිදු ගැටලුවක් නොමැත.

කරුණාකර info@subanakatha.com වෙත Email එකක් යොමු කරන්න. ඔබගේ සේවාවට අදාළ තොරතුරු පෝරමය නැවත ඔබ වෙත ලබාදෙනු ලැබේ.


5. මා ලබාදෙන තොරතුරු රහසිගතව තබා ගන්නවාද?

ඔව්.

ඔබගේ උපන් තොරතුරු, Email ලිපිනය, උඩුගත කරන ලේඛන සහ අනෙකුත් සියලුම පුද්ගලික තොරතුරු දැඩි රහස්‍යභාවයෙන් ආරක්ෂා කරනු ලැබේ.


6. ගෙවීම් සිදු කරන්නේ කෙසේද?

අපගේ වෙබ් අඩවිය හරහා Stripe ආරක්ෂිත ගෙවීම් පද්ධතිය භාවිතා කර Debit Card සහ Credit Card මඟින් ගෙවීම් සිදු කළ හැකිය.


7. වැරදි උපන් වේලාවක් ලබාදුනහොත් කුමක් සිදුවේද?

නිවැරදි ජ්‍යොතිෂ විශ්ලේෂණයක් ලබාදීම සඳහා උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය නිවැරදිව ලබාදීම අත්‍යවශ්‍ය වේ.

වැරදි තොරතුරු ලබාදීම හේතුවෙන් වාර්තාවේ ප්‍රතිඵල වෙනස් විය හැකි අතර ඒ සඳහා අප වගකිව නොහැක.


8. වාර්තාව සකස් කිරීම ආරම්භ වූ පසු මුදල් ආපසු ලබාගත හැකිද?

නැත.

මෙය පාරිභෝගිකයා සඳහා විශේෂයෙන් සකස් කරන පුද්ගලික ඩිජිටල් සේවාවක් වන බැවින්, වාර්තාව සකස් කිරීම ආරම්භ වූ පසු සාමාන්‍යයෙන් මුදල් ආපසු ගෙවීමක් සිදු නොකෙරේ.


9. විදේශයන්හි සිට සේවාව ලබාගත හැකිද?

ඔව්.

ලෝකයේ ඕනෑම රටක සිට අපගේ සේවාවන් ලබාගත හැකි අතර සියලුම වාර්තා Email මඟින් ලබාදෙනු ලැබේ.


10. ඔබ සපයන සේවාවන් මොනවාද?

අප විසින් පහත සේවාවන් සපයනු ලැබේ.

  • උප්පත්ති කේන්ද්‍ර සැකසීම
  • කේන්ද්‍ර පරීක්ෂාව හා උපදෙස්
  • පොරොන්දම් පරීක්ෂාව
  • සුබ නැකැත්
  • මංගල නැකැත්පත්‍රය
  • ළදරු නාමකරණ අක්ෂර

11. වාර්තාවේ භාෂාව කුමක්ද?

අපගේ වාර්තා ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සකස් කර ලබාදෙන අතර, අවශ්‍ය අවස්ථාවලදී ඉංග්‍රීසි සේවාවන් ද ඉදිරියේදී ලබාදීමට අපේක්ෂා කරමු.

12. වැඩිදුර තොරතුරු සඳහා ඔබව සම්බන්ධ කරගන්නේ කෙසේද?

📧 info@subanakatha.com

අපි හැකි ඉක්මනින් ඔබගේ විමසීම්වලට ප්‍රතිචාර ලබාදීමට කටයුතු කරන්නෙමු.